ගාල්ල අවධානමක….! පාසල් සහ ආගමික ස්ථාන වලින් වෛරස ත්‍රස්තවාදීන් වැඩිපුරම

0
44

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවා තිබේ.

ඩෙංගු මර්දන කටයුතු අද(19) සිට ආරම්භ බව, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, අක්මීමන හා හබරාදූව යන ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවල වැඩි ඩෙංගු අවදානමක් පවතින බව ආණ්ඩුකාරවරයා පවසයි. මේ වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 2,820ක් වාර්තා වී තිබේ. ඉන් 723ක් ගාල්ලෙන් වාර්තා විය.

කරාපිටිය රෝහලේ දී ඩෙංගු මරණ 4ක් හා බලපිටිය රෝහලෙන් එක් මරණයක් වාර්තා වෙයි. පාසල්, ආගමික හා ඉදිකිරීම් පවතින ස්ථානවල වැඩි වශයෙන් ඩෙංගු කීටයන් දක්නට ලැබේ. රෝගය මැඩලීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවයි, ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here