වඳ සැත්කම් සිද්ධියේ අලුත්ම තත්ත්වය – කොළඹ කාසල් සහ සොයිසා රෝහල් වලදී

0
33

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් කාන්තාවන් ව්‍යන්ධකරණයට ලක් කරන ලද බවට එල්ල වන චෝදනාව සම්බන්ධ පරීක්ෂණවලදී අදාළ කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීම කොළඹ කාසල් හා සොයිසා රෝහල් දෙක තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එම පරීක්ෂණ සඳහා අවශ්‍ය මෙවලම් හා පරීක්ෂණ උපකරණවල යම් ඌනතාවයක් ඇත්නම් ඒ සියලු උපකරණ සපයා ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසට ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිහිපයක් මේ වන විට නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මෙම පරීක්ෂණ කටයුතුවලට සහය ලබා දෙන ලෙස පවසමින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අධිකරණ නියෝගයක් ලබා දී ඇත.

එමෙන්ම පැමිණිලිකාරියන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

මෙම ස්ථාපිත කල විශේෂඥ පරීක්ෂණ මණ්ඩලය සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සභාපතීවරයා ලෙසත්, විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් දෙදෙනෙකුත් පත් කර තිබේ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පසුගිය වසර 5 තුළ දී විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් විසින් සිදු කල සිසේරියන් සැත්කම් ගණන කීයද යන්න පිළිබඳව හා ඉන් පසුව වාර්තා වු සංකූලතා ඇති මව්වරුන් ගැන වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here