ජල විදුලියට කොළ එළියක්

0
42

මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ආශ්‍රිත පෝෂක ප්‍රදේශවලට ඉකුත් සිකුරාදා (21) දින සිට ධාරා නිපාත වර්ෂාව ඇද හැලෙමින් පවතිනවා.

මාස කිහිපයක් තිස්සේ ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම 20% ක් දක්වා පහත බැස තිබුණු අතර පවතින අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා.

පසුගියදා (23) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිළිවෙලිවන් පිටාර මට්ටමේ සිට අඩි 60.6 ක් හා 38.9 ක් වශයෙන් පහත බැස තිබූ බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසුවා.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වාශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසලරී යන ජලාශ දෙකෙනි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here