මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්

0
21

මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මස්කෙළිය පොලිස් වසමට අයත් ව්‍යාපාරික ප්‍රජාව දැණුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත් (29) දා මස්කෙළිය ‘රෝයල්’ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

මස්කෙළිය ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම දැණුම්වත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ, මස්කෙළිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.ඒ.බාස්කරන් මහතා විසිනි.

මස්කෙළිය අතිරේක ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.අයි.එම්. ඉර්ෂාඩ්, අමිල සෝමදාස, හේමන්ත ගෝදාපතිරණ ජීවන් සම්පත් යන මහත්වරුන්, මස්කෙළිය, කුඩා මස්කෙළිය හා සාමිමලේ යන ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාව, ආහාර පරිහරණ ආයතනවල හිමිකරුවන්, සේවකයින් ඇතුලු 100 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here