“පොලිසිය බුද්ධි තොරතුරු දෙනතුරු බලා සිටින හමුදාපති කෙනෙක් රටට වැඩක් නෑ”

0
26

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳ තොරතුරු පොලිසිය විසින් තමන්ට ලබා නොදුන් බව හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කර ඇති අතර එවන් කතාවක් කියන්නට ලුතිනන් ජනරාල්වරයකු හමුදාපති පුටුවේ සිටිය යුතු නැති බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි.

මේ රටේ සිටින බුද්ධි අංශ අතින් පොහොසත්ම පුද්ගලයා හමුදාපතිවරයා බවයි කමල් ගුණරත්න සඳහන් කළේ.

හමුදාපතිවරයා යටතේ 3500කට අධික නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් බුද්ධි රාජකාරි සඳහා යොදවා සිටින බව සිහිපත් කළ මේජර් ජෙනරාල්වරයා වසර තිහක යුද්ධයක් කළේ පොලිසිය විසින් ලබාදුන් ඔත්තුවලට අනුවදැයි ප්‍රශ්න කළේය.

එසේ තමන් අසලටම පැමිණ පොලිසිය විසින් ඔත්තු ලබාදෙන තුරු බලාසිටින හමුදාපතිවරයකු රටට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here