ගෝටා එනවට අකමැති කට්ටිය මෙන්න

0
7

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනවාට වැඩියෙන්ම විරුද්ධ වී සිටින්නේ රාජපක්ෂ පවුලේම සාමාජිකයින් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි.

“මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න කියන්නකො ප්‍රසිද්ධියේ ඇවිල්ලා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කියලා. නාමල් රාජපක්ෂ මහත්තයට කියන්න කියන්නකො මාධ්‍යයට ඇවිල්ලා අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා බාප්පාය කියලා.

කියන්නෙ නෑනේ…. ඒකත් හංගලා ගහන්න තමා ඒගොල්ලො බලන්නෙ. ගෝඨාභය එනවට වැඩියෙන්ම විරුද්ධ රාජපක්ෂ පවුලේ අය”

යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here