පිටි කිලෝවක් 8කින් වැඩි වෙද්දී…. පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි වෙයි

0
24

පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීඹ නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා පවසන්නේ පාන් වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල දැමීමට සිදුවන නමුත් ඒ පිලිබදව අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.

පාන් ගෙඩියක් රුපියල් 10 කින් වැඩි කිරීම සිදුවන්නේ සිල්ලර කාසි හිගය හේතුවෙන් යයිද ඔහු පැවසීය.


කෙසේ වෙතත් අපට ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ පාන් ගෙඩියක රාත්තලක බර ප්‍රමාණයක්වත් නැතිකොට, පාන්පිටි කිලෝ එකකින් පාන් ගෙඩියක් සාදන ලෙස රුපියල් 10කින් මිල ඉහල දැමීම සාධාරණද කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here