21 ඔබ සහ අප

0
30

දූෂිත දේශපාලනය විසින් රෙද්ද අස්සේ හංගා ගනිමින් පෝෂණය කෙරූ ත්‍රස්ථවාදය වැළඳගත් අමානුෂික ත්‍රස්ථවාදීන් විසින් බෝම්බ පුපුරවා ගනිමින් අහිංසක ජීවිත තුන් සියයකට ආසන්න ප්‍රමාණයක් බිලි ගත් ඛේදවාචකයට අදට මාස තුනකි.

අනෙකාගේ දුක දැනෙන, හඳුනන, සංවේදී, මානුෂවාදීන් පීඩාවට පත් ජනයාගේ දුක තුනී කරන්නට වචනයෙන්, හැඟීමකින්, මුදලින් සම්මාදම් වූ අතර, පීඩාවට පත් වූ විදේශිකයන් පවා අරමුදල් රැස් කරමින් සිය මනුස්සකම් බෙදා හදා ගන්නට උත්සුක වූහ. උත්සුක වෙති.

එහෙත්, ලංකාවේ දේශපාලන ගණිකාවන්ගේ ගේ හැසිරීම් පිළිබඳව කාරණා ඉස්මතු කරලමින් සාකච්ඡා කිරීමට තරම්වත් නොවටී.

අපේ පන්තියේ මිනිස්සු මැරුණා.
අපේ පන්තියේ මිනිස්සු තුවාල වුණා.
අහිංසක මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙව්වා.

එහෙත් ඔබ සහ මම, අපේ වගකීම සහ අපේ භූමිකාව පිළිබඳව සැබැවින්ම සංවේදි ද යන්න පිළිබඳව විමසා බැලීම ඔබට සහ මට බාර ය.

සහකම්පිත වේ නම් මනුෂ්‍යත්වය පිළිබඳව, සංවේදී නම් ලක් මාතාව පිළිබඳව, දූෂිත දේශපාලකයා ඡන්දය ඉල්ලා ඔබේ දොරකඩට පැමිණෙන විට ඔබේ ප්‍රතිචාරය කෙබඳු එකක් විය යුතු ද යන්න පිළිබඳව නැණැවත්ව සිතා බලා කටයුතු කිරීම වටී.

21 අමතක කරන්න එපා

මිය ගිය සහ විපතට පත් වූ සියලු දනා හට පවුන් පැතු විමුක්තිය සහ සැනසීම ලැබේවා !


කෝසල එම්. ධනංජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here