අම්පාරේ මිනිස්සු රජයෙන් වතුර ඉල්ලති

0
17

අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් රජයේ දැඩි අවධානය යොමුකර තමන්ට දිනපතා ජලය ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කරන ලෙසට ගම්මැවසියන් රජ‍යෙන් ඉල්ලා සිටිනවා.

දැනට ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව දින තුනකට වරක් ජලය බවුසර් මඟින් ලබාදෙන අතර එය ප්‍රමාණවත් නොවන බවද වාර්තා වෙනවා.

මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අරන්තලාව, පුලාවල, ටැමිපිටිය, පොල්ලේබැද්ද, වරාපිටිය, පියාසර ගම යන ගම්මනාවල පවුල් 2000 කට අයත් 8000ක් පමණ ජනතාව දැඩි පිඩාවකට ලක්වී ඇත.

දැඩි නියං තත්ත්වය හේතුවෙන් ළිං සියල්ල සිඳී ගොස් ඇති අතර ප්‍රදේශයේ ඇති වැව්වල ජල මට්ටමද පහත බැස තිබෙන නිසා, දැනට බොහමයක් ගම්මානවලට ජලය සැපයීම සිදුකලත් එය ප්‍රමාණවත් නොවන බව ‍මහ ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම නිසා ජලය නොමැති ජනතාව සඳහා බවුසර යොදවා ජලය ලබාදීමට ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබදව කඩිනමින් ක්‍රියා කිරීම සඳහා අම්පාර දිසාපති කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරීන්ගේ ද කිසිදු අවධානයක් නොමැති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here