තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරුවෝ දෙනමක් කළ මහපොළොව නුහුලන හෙළිදරව්ව

0
36

රන්ජන් රාමනායක ළමා භික්ෂූන් අපචාරයට ලක් වන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් සහ ඔහුට එරෙහිව නැගී ආ සිවුරුකරුවන්ගේ විරෝධයෙන් රට තුල විශාල ආන්දෝලයන් පැන නැගීමෙන් පසු පන්සල් තුල දූෂණයට ලක් වූ සාමනේර දරුවන් පිළිබඳ ‌තොරතුරු විශාල වශයෙන් එළියට පැමිණෙමින් තිබේ. ඒ අනුව බුලත්සිංහ හෑගල්ල ප්‍රදේශයේ පන්සලක සිටියදී බරපතල දූෂනයට ලක්වූ සාමනේර දරුවන් ‌දෙදෙනෙකු රැගත් ඔවුන්ගේ ‌දෙමාපියන් පිරිසක් රන්ජන් රාමනායකගේ නිවසටම පැමිණ පසුගිය 23 වැනි අඟහරුවාදා තම දුක් ගැනවිල්ල කියා සිටි අතර ඇමැතිවරයා පිරිස ළමා හා කාන්තා කාර්යාංශයට ‌යොමු ‌කෙළේය. ඒ පිළිබඳ වීඩියෝ වාර්තාවක් ද එදිනම සිය ‌ෆේස් බුක් ගිනුම මගින් ප්‍රසිද්ධ ‌කෙළේය. එහිදී දරුවන් ‌දෙදෙනා හඬමින් තමන්ට සිදුවූ අතවර පිලිබඳ විස්තර කරන අතර අතවර කළ සිවුරුකාර පාදඩයන් ‌දෙදෙනාගේ නම් ගම් ද පවසති.

මේ වන විට සාමනේර දරුවන් ‌දෙදෙනා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා ‌රෝහලේ ‌නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ‌වෛද්‍යවරුන් පවසන්නේ ‌වෙනත් අතවර වලට අමතරව ‌දෙදෙනාම බරපතල ‌ලෙස ගුද සංසර්ගයෙන් දූෂණයට ලක්ව ඇති බවයි. එක් සාමනේර දරුවෙකුගේ පියා වන ප්‍රියන්ත නමැත්තා ‌මේ දරුවන් දූෂණය කිරීම පිලිබඳ එදිනම බුලත්සිංහල ‌පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

මේ තරම් බරපතල අපරාධයක් සිදුව ළමා හා කාන්තා කාර්යාංශයටද ‌පොලිසියට ද පැමිණිලි කර තිබියදී අපරාධකාරයන් ‌දෙදෙනා නිරුපද්‍රිතව සිටිති. සිද්ධියෙන් දින ‌‌දෙකකටත් අධික කාලයක් ඉක්ම ‌ගොස් තිබියදී එකෙකු ‌හෝ අත් අඩංගුවට ‌ගෙන නැත.


වීඩියෝව – ලංකා ඊ නිව්ස් ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here