‘ගෝඨාගේ බොරුව’ අතේ පත්තු වෙයි – රට රවටන හොර ලියවිල්ල මෙන්න

0
19

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.

මෙසේ ප්‍රසිද්ධ කරන ලද ව්‍යාජ ලියවිල්ල ද (පහත දැක්වේ) පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අමරිකානු රජය නිකුත් කරන අවසන් ලියවිල්ල නොවන අතර එය ඊට අදාල ලියකියවිලි බාර දුන් බවට නිකුත් කරන ලියවිල්ලකි. එවැනි මෙම ව්‍යාජ ලියවිල්ල මූලිකව සකස් කිරීමට කටයුතු කර ඇත්තේ මහින්ද රාජපක්ෂට ලබාදීම වෙනුවෙන් බවද දැනගැනීමට තිබේ. ගෝඨාභය සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අමරිකානු රජයට ලියකියවිලි බාර දි ඇත්තේ පසුගිය මැයි මාසයේදී වන නමුත් ඒ සම්බන්ධයෙන් අමරිකානු රජය කිසිදු ලෙසකින් හෝ ඒ සඳහා යම් ලියවිල්ලක් ඉදිරිපත් කළා නම් එම සත්ය ලියවිල්ල ඉදිරිපත් නොකර මෙම ව්‍යාජ ලේඛනය සකසා ඉදිරිපත් කිරීම බරපතල ගැටලු සහගත තත්වයකි. මෙය සකස් කර ඇත්තේ මෙරට ප්‍රකට දැන්වීම් කරන ආයතනයක්දී බවටද තොරතුරු ලැබී තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීම විය යුතුවීම මෙරට නව මැතිවරණ නීතියකි. ඒ අනුව පොදු ජන පෙරමුණේ අදිසි නායකයා වන මහින්ද රාජපක්ෂ ද සිය සහෝදරයාට අපේක්ෂකත්වය ලබා දිමට නම් අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත යුතු බව අවධාරණය කර තිබුණි. ඒ සඳහා අවශ්ය ලියවිලි බාර දුන් බව පැවසීම වෙනුවෙන් මෙම ව්‍යාජ ලියවිල්ල සකසා මහින්ද රාජපක්ෂට ඉදිරිපත් කළද පුරවැසිභාවය ඉවත්කළ බවට අමරිකාව ලබාදෙන ‘අවසන් සහතිකය’ ඉදිරිපත් කළ යුතු බව මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇත. මේ නිසා අගෝස්තු 11 දින පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ සමුළුවට පෙර අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකිව මේ වන විට ගොඨාභය පාර්ශ්වය බරපතල අර්බුදයකට ලක්ව තිබේ.

මහින්දට ඕන නාමල්ව

මහින්ද රාජපක්ෂ කිසිසේත්ම ගොඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සූදානම් නැති බව අප මීට පෙර අවස්ථා කිහිපයකදී ද වාර්ථා කළෙමු. ඔහු බලාපොරොත්තු වන්නේ දිනේෂ් ගුණවර්ධන සිය අපෙක්ෂකයා ලෙස ගෙන ඒමය. ඊට හේතුව ගෝඨාභය හෝ රාජපක්ෂ පවුලේ වෙනත් කිසිවකුත් හෝ බලයට පැමිණිය හොත් සිය පුත්ර රත්නය වන නාමල් රාජපක්ෂගේ දේශපාලන ජීවිතයට තිත තැබිමට සිදුවන බවට වන නිසැක බියය. තව දුරටත් රාජපක්ෂ පවුලේ දේශපාලන නායකත්වය තමන් වෙත තබා ගැනීමට නම් තමන්ට ඉහළින් කිසිවකුත් නොසිටිය යුතු බව ඔහුගේ ස්ථාවරයයි. මේ අනිසා කෙදිනක හෝ නාමල් රජ වන තුරු රාජපක්ෂ පවුලේ වෙනත් කිසිවකුටවත් මහින්ද රාජපක්ෂ අභිබවා යෑම සිදු කළ නොහැකිය.

මේ අතර පසුගියදා මුල්කිරිගලදී මහින්ද රාජපක්ෂ ප්රේමදාස යුගයේ ටයර් සෑයවල් මෙන්ම තමන්ගෙ යුගයේ සුදුවෑන් ගැනද 88 – 89 මාතලේ වධකාගාරය ගැනද මතක් කර තිබුණි. මේ වධ කඳවුර් භාරව සිටියේ ගොඨාභයය. ගෝඨාභය හිට්ලර් කෙනෙකු බව දැන් මහින්දම කියමින් යන්නෙ ඔහුගේ ගමන වැලැක්වීමට බව පැහැදිලිය

උදය දැක්ක ලියවිල්ල

ගොඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එම පවුලේද බරපතල විරෝධයක් ඇති නමුත් කෙසේ හෝ ඔහුව ඉදිරිපත් කර ගැනීම එම පාර්ශවයේ දැඩි වුවමනාව වී තිබේ. මේ හේතුව නිසා ගොඨාභය පාර්ශ්වය ගෝඨා වෙනුවෙන් ජනමතයක් ගොඩ නැගීම සඳහා විවිධ පියවරයන් ක්රියාත්මක කළ අතර අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට මෙම ව්‍යාජ ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම ද එම ප්රචාරක මෙහෙයුමේ අදියරකි.

පසුගියදා උදය ගම්මන්පිළ ගොඨාභය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට ලියකියවිලි තමා ඇහින් දැක්කා යැයි ප්‍රකාශයට පත් කළේ මේ ඉදිරිපත් කරන ව්‍යාජ ලියවිල්ල ගැන බවට සැකයක් නැත ගම්මන්පිළ ඔස්ට්රේලියානු ජාතිකයකුගේ ව්යාපාරයක් සූක්ෂම ලෙස තමන්ගේ නමට හරවා ගැනීම වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි ආදිය සකසා ගත් බවට චෝදනාවකට අධිකරණ කටයුත්තක්ද සිදු වෙයි. ගම්මන්පිළලාට මෙවැනි වැඩ සිම්පල් විය හැක. ඉතා සුක්ෂම ලෙස මෙම ලියවිල්ල සකස් කර තිබෙන අතර අප විසින් මෙය ඉදිරිපත් කරනුයේ රටත් ජනතාවත් පමණක් නොව සිය පක්ෂ නායක සහොදර මහින්ද රාජපක්ෂවා පවා රැවැටවීමට මේ ගොඨාභය පාර්ශ්වය කටයුතු කර ඇති බව දැන්වීමටය.

මෙම ලියවිල්ල ව්‍යාජව සකස් කළ එකක් බවට අපට තහවුරු කළ හැකි වන අතර එය සත්ය ලියවිල්ලක් නම් ගෝඨා පාර්ශ්වයට එය තහවුරු කර පෙන්විය හැක. නමුත් ඒ සඳහා අමරිකානු රජයේ නිළ තහවුරුවක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය.

ගෝඨා අගමැතිගෙන් යදියි

කෙසේ නමුත් ගෝඨාභය සිය පොහොට්ටු අපෙක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඥාතියකුගෙන් සහ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම සහයෝගය ඉල්ලා ඇත. විශේෂයෙන් රාජ්ය පරිපාලන ඇමැති වජිර අබෙවර්ධනගෙන් උදව් ඉල්ලා ඇත්තේ අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ගොඨාභය විසින් ලියකියවිලි සම්පූර්ණ කර අමරිකානු රජයට භාර දී ඇති බවට යම් නිල මට්ටමෙ ප්‍රකාශයක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමිනි.

බැරි වුණොත් උසාවි යනවා. මහින්දට තර්ජන….

මේ අතර මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපේක්ෂකත්ව නොදෙන්නෙ නම් ඒ සඳහා ශ්රේෂ්ධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවටද ගොඨාභය රාජපක්ෂ එම පවුලේ කිහිප දෙනෙකුටම දන්වා තිබේ. එවැනි තත්වයක් ඇති වුවහොත් එය දේශපාලන කැළඹීමකට ලක් වෙතැයි බියෙන් තමාට අපෙක්ෂකත්ව ලබා දිමට මහින්ද කටයුතු කරනු ඇතැයි විශ්වාසයක් තමාට ඇතැයි ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here