‘සාෆි වඳ කල’ මව්වරු දෙදෙනෙක් ගර්භනී වෙලා

0
17

පසුගිය දින වල මහත් ආන්දෝලනයක් ඇති කරමින් වෛද්‍ය සාෆි විසින් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා කළ කාන්තාවන් දෙදෙනක් ගර්භනී භාවයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මේ බව අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාවන්ට සිදුවීමට අදාළ පරීක්ෂණවලට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කළ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව, ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට දුරකථනයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආරාධනා කර ඇති අතර මව්වරුන් දෙදෙනා පවසා ඇත්තේ “සර්…. අපිට කිසිම පරීක්ෂණයක් අවශ්‍ය නෑ…. අපි දැන් ගැබ්ගෙන සිටින්නේ” යනුවෙනි.

මෙම කාන්තාවන් නොමග යැවීමට කටයුතු කර ඇත්තේ විමල් වීරවංශගේ උපදෙස් මත කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ විසින් බවත් ඒ සදහා මුදල් වියදම් කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් මේ වන විට රහසක් නොවේ. මෙම නූගත් කාන්තාවන් නොමග යැවීමට මහාචාර්ය චන්න ජයසුමන නොහොත් නාත දෙවියන්ගේ වරමක් හිමි මිත්‍යාදෘෂ්ටිකයා විසින් සිදු කල ප්‍රකාශ විශාල බලපෑමක් සිදු කළේය. අතුරලියේ රතන හිමියන් ද බෞද්ධ ජනතාව උසි ගන්වමින් මුස්ලිම් විරෝධයක් ඇති කිරීම සඳහා මෙය අමු අමුවේම භාවිතා කළේය.

එහෙත් අදාළ කාන්තවන් මීට පෙර කියා සිටියේ ගර්භණී සමයේදී සිසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එය සිදු කර ඇති බවත්ය. ඔවුන්ගේ පැමිණිල්ල නම්, “පසුගිය වසර දෙකක කාලය තුළ පිළිසිඳ ගැනීමට උත්සාහ කළත් ඔවුන්ට නොහැකි වී ඇති අතර, වෛද්‍ය ෂාෆි සැත්කම අතර තුර කුමක් හෝ සිදු කර ඇති බවට ඔවුන් සැක කරන ” බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here