තාජුඩීන් ඝාතනයට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට අධි චෝදනා

0
20

රගර් ක්‍රීඩක වසීම් තාජූඞීන් ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමේ චෝදනා එල්ල වූ කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමසේකරට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ, වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාලවයි. මේ බව පවසා සිටියේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න විසිනි.

මෙලෙස ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට එරෙහිව මහාධිකරණයක නඩු පවරා ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටයි.

මීට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකටද නීතිපිතිවරයා විසින් එම ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here