මුස්ලිම් කාන්තාවෝ දිනති

0
14

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු සහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි ඇතැම් නීතිමය කාරණා සංශෝධනය විය යුතු බවට මුස්ලිම් කාන්තා සංවිධාන වලින් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුගේ යෝජනා හා අදහස් පසුගිය දිනවල රජයේ අවධානයට යොමුකිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම පනත සංශෝධනය සඳහා රජය පියවරගෙන ඇත.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මඟින් විධි විධාන සලසා ඇති අතර, එකී පනත සංශෝධනය කිරිම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here