“මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා” – හිස්බුල්ලා

0
28

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා,

“අපේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප්‍රශ්න විසඳාගන්න බලනවා” යැයි පැවසු ඔහු කියා සිටියේ “සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කෙරෙනවා. සමහර විට ඒ මම වෙන්න පුළුවන්. බොහෝ අය ඉල්ලනවා මට තරග කරන්න කියලා.” යැයි ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් පල කර ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා,

“අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සහ කරනවා. අපි එයත් එක්ක අපේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නෑ.”

දැනට ආණ්ඩුව සමග කටයුතු කරන මුස්ලිම් අමාත්‍යවරුන් සමග මෙම කරුණ සාකච්ඡා කර තිබේ දැයි විමසු විට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පැවසුවේ ඔවුන් සමග ඒ ගැන මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය.

නමුත් මුස්ලිම් නායකයන්, ආගමික ප්‍රධානීන්, සිවිල් සමාජය සහ බුද්ධිමතුන් සමග ඒ ගැන කතා කළ බව ඔහු පැවසීය.

මුස්ලිම් ජනතාව මෙවැනි තීරණයක් ගැනීමට තීරණය කළේ ඇයිදැයි විමසු විට හිස්බුල්ලා පැවසුවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වැඩි වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here