මුස්ලිම් සිංහල සහෝදරත්වයේ මරතොන්ඩි රටා

0
52

වටලප්පම් හමුව දැනට වසර කීපයක ඉඳලා සංවිධානය වන එකක්. වෙනස් භාෂා කතා කරන මිනිසුන්ගේ සහයෝගීතාව වෙනුවෙන් වූ උත්සාහයක් හැටියට මොහොමඩ් ෆර්ශාන් ප්‍රමුඛ Green Walk කණ්ඩායමේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ආරම්භ කළ වටලප්පම් හමුවට රටේ මුස්ලිම් සහෝදරත්වය අත්වැල් බැඳගත්තා.

ඊද් අවුරුදු සැමරුම් වෙනුවෙන් වසරකට දෙවරක් කොළඹ විහාරමහාදේවි උද්‍යාණයේ පැවැත්වුණු මෙම හමුව නුවර ක්‍රියාකාරිකයින්ගේ ඉල්ලීම පරිදි මේ ඊදුල් අල්හා උත්සවය වෙනුවෙන් නුවර ගලහා හංදියේ සංවිධානය කෙරුණා. ඒ මහනුවර මුස්ලිම් ප්‍රජාව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේද සහභාගිත්වයෙන්….

මෙහිදී වෙනදා පැවැති වටලප්පම් හමුවලට වඩා වෙනස් අංගයක් එකතු වී තිබුණා. ඒ මුස්ලිම් තරුණියන් පිරිසක් පැමිණ සිටි අනෙකුත් තරුණියන්ට මෙහෙන්දි හෙවත් මරතෝණ්ඩි රටා අඳින සිදුවීමයි. එය ඉතාම සුවිශේෂී වුණා.

හිතේ බැඳීම නොමැකෙන රටාවකින් මරතොණ්ඩි කහටකින් අල්ලට ගෙන ඒම ඉතාමත් අගේ ඇති වැඩක් වුණා. තවත් විශේෂ දෙයක් වුනේ ගම්පහ තිහාරිය නම්වූ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයකින් පැමිණ සිටි ඒ මරතෝණ්ඩි රටා අඳින තරුණියන්, ඔවුන්ටත් අනෙකුත් තරුණියන් සමඟ මිශ්‍රව එක බැම්මේ වාඩිවී ගෙවන්නට සැලැස්වූ මේ හෝරා කීපය අතිශය වැදගත් සහ සුන්දර වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here