සේනා ආයෙමත්

0
30

සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මේ දිනවල පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ රටකජු, ලොකු ළූණු, බඩඉරිගු සහ කව්පි වගාවන්හි දළඹුවන් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ සේනා දළඹු මර්දනය වීමෙන් පසු දිවයිනේ කිසිම ප්‍රදේශයක සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් වාර්තා නොවුණු අතර මෙම වසරේ පළමු වතාවට සේනා දළඹු ව්‍යාප්තිය හොරිවිල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here