සමරිසි ප්‍රජාවට අනුරගෙන් සහය

0
22

ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙකු ස්ත්‍රී පුරුෂ භාවය හා ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්ව සැලකීම අහෝසි කිරීමට ප්‍රතිඥා දුන් පළමු අවස්තාව ලෙස LGBTQ ප්‍රජාවට සහය දීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාරගේ තීරණය හඳුන්වන්න පුළුවන්. මෙය LGBTQ ප්‍රජාව ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් ලෙස පිළිගැනීමට ජාතික ජන බලවේගයේ සතු හැකියාව පිළිබඳ පැහැදිලි සලකුණක් වෙනවා.

Twitter සටහනක් තබමින් අනුර කුමාර මේ බව පවසා තිබෙනවා.

ඇතැම් ගතානුගතික හා පසුගාමී සමාජ සංස්කෘතික ආකල්ප නිසා සමරිසි ප්‍රජාව වෙනස් කොට සැලකීමට ලක්වී ඇති අතර, එම පිරිස් පීඩනයට ලක්කරන යටත්දිජිත නෛතික රාමු තවදුරටත් පවත්වාගෙන යාම මෙම තත්ත්වය බරපතල කරයි. මෙම ජන කොටස්වල ජීවවිද්‍යාත්මක වෙනස්කම් පිළිගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රධාන සමාජ ප්‍රවාහය තුල ආන්තීකරණයට ලක්වීමට ඉඩ නොදී කටයුතු කිරීමත් අවශ්‍ය වේ. මෙම නීති සංශෝධනය කිරීමටත්, සෑම කෙනෙකුටම එක හා සමානව සලකන සමාජයක් නිර්මාණය කිරීමටත් අපි කැපවී සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here