කුරුළුගල රක්ෂිතයටත් ගිනි තියලා

0
20

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුරුගම ග්‍රාම නිලධාරී වසමේ, කුරුළුගල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ.

අද දහවල් කාලයේ සිට ඇතිවී තිබෙන් මෙම ගින්න මේ වන විට රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම ගින්න අසල ඇති රක්ෂිතවලට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර මොනරාගල දිස්ත්‍රික් ආපදාකළමණාකරන ඒකකයේ දැනුම් දීමකට අනුව යුද හමුදා භට කණ්ඩායමක් ගින්න මැඩලීමට යොදවා තිබේ.

ඇල්ල වැල්ලවාය මාර්ගය අසල ප්‍රදේශයේ රාවණා ඇල්ල ජලපෝෂක ප්‍රදේශයට පහලින් මෙම රක්ෂිතය පිහිටා ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත. කිසියම් පුද්ගලයකු රක්ෂිතය ට ගිනිතබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරන අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here