ජනාධිපතිවරණය සැප්තැම්බර් 15 දාට පසු….

0
25

2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම මාසයේ (සැප්තැම්බර්) 15 දිනට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළේය.

සැප්තැම්බර් 15 දිනට පසු, දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේයයි ඔහු පවසා සිටියේය.

මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධාරීන් දිවයිනේ සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කරමින්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා පූර්ව සැලසුමක් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here