ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්

0
25

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත ලබා දී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම වාර්තා 2016 වසරේ සිට පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ප්‍රහාරය එල්ල වූ දින දක්වා කාලසීමාව ඇතුලත රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදී ඇතැයිද ඔහු පවසා තිබේ.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (03) යළි සලකා බැලුණු අවස්ථාවේදී නීතිඥ සංජීව ජයවර්ධන මෙම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් ලෙස විනිසුරු මණ්ඩලයේ සභාපති අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වය යටතේ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් කටයුතු කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here