“කොරවක්කා ලකුණෙන් සජිත්ව ජනාධිපති කරනවා”

0
46

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදුන්නොත් තමන්ද ඇතුළුව සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, හර්ෂද සිල්වා, එරාන් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක් ඉවත් වන බව ඇමති සුජීව සේනසිංහ පවසයි. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමනි.

එජාප ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට ඇති අවස්ථාව අත් නොහැරිය යුතු බවත් එජාපයේ සිටින ජයගත හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණක් බවත් මෙහිදී ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය එජපයෙන් නොදෙන්නේ නම් කොරවක්කා ලකුනින් හෝ තරග වැද සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන බවද ඔහු පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here