ඉන්ධන මිල රුපියල් දෙකකින් අඩුවේ

0
30

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 02කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 ක්.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වෙනවා.

නමුත් ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදුකර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here