ඩෙංගු නැවතත් හිස ඔසවයි

0
27

මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,582ක් වාර්තා ගතව ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව එය ඉහල අගයක් ගන්නා බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසා තිබේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත විය හැකි බවත් තමන් අවට පරිසරය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එබැවින් සිය වටපිටාව පිරිසිදුව තබාගන්නා ලෙසත් කසල බැහැර කිරීමේදී නිසි ක්‍රමවේද අනුගමනය කර ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කරන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here