“ලසන්තව මැරුවේ ගෝඨා නෙමෙයි සරත් ෆොන්සේකා….”

0
44

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ගොටාභය රාජපක්ෂ නොවන බවත් එය සිදුකලේ සරත්ෆොන්සේකා විසින් බවත් ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක අද(19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පවසා තිබෙනවා.

හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා, සිරස ආයතනය ගිනි තියපු වෙලාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා, මේ වැඩේට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ එවක හමුදාපති සරත් ෆොන්සේකා කියලා. ඊට පස්සේ සරත් ෆොන්සේකා එකසත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා. එතකොට සරත් ෆොන්සේකා හොඳයි. වර්තමාන ආණ්ඩුවේත් සරත් ෆොන්සේකා වෙනත් පක්ෂයකින් චන්දෙ ඉල්ලලා පැරදිලත් රනිල් වික්‍රමසිංහ ඔහුව ආණ්ඩුවේ ඇමතිවරයෙක් කරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා ඔය කියන චෝදනාව තියෙන්නේ ගෝඨාභයට නෙමෙයි. සරත් ෆොන්සේකාට. කිව්වේ මම නෙමෙයි යූඑන්පී එකේම ඒ දවස්වල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙලා උන්නු ජෝශප් මයිකල් පෙරේරා. ඒක හැන්සාඩ් ගතවෙලා තියෙනවා. ඒ දවස්වල මංගල සමරවීර කී වතාවක් කිව්වද මේවට වගකියන්න ඕනේ සරත් ෆොන්සේකා කියලා.

ලසන්තගේ කාරණයේදීත් සරත් ෆොන්සේකා වගකියන්න ඕන කියලා කිව්වේ අපි නෙමෙයි…. එක්සත් ජාතික පක්ෂය…. ඒක මේ ගෝඨාභයගේ ගිණුමට බැර කරන එක වැරදියි….

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එසේ පවසා සිටි අතර,

එස්.බී දිසානායක පැවසුවේ,

ඒ ලසන්තගේ ප්‍රශ්නය වෙලාවේදී ඇත්තටම ලසන්ත ඒ පත්තරෙන් ෆොන්සේකාට බොහොම තදින් පහර දීලා තිබුනා…. ෆොන්සේකත් ඒකට උත්තර දීලා දෙන්නා අතර ලොකු ගැටුමක් තිබුනා. ඒ වෙලාවේදී තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවෙන්නේ….

යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here