කුඩා සාමනේර දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් කළ පොහොට්ටුවේ ක්‍රියාකාරී හිමිනම

0
17

පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ධ විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂුවක්වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, වසය අවුරුදු 13ක කුඩා සාමනේර දෙනමකට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාදුරුඔයේ ධම්මිස්සර සමග එම පිරිවෙනේම වැඩ විසූ හී‍නපහුවේ සුමන හිමිද මෙම බරපතල අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා සහ 12 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිමිවරු දෙනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මාදුරුඔයේ ධම්මිස්සර පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂුවක් මෙන්ම ජාතික එකමුතුව, ජාතික විද්වද් භික්ෂු සංසදය, වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය, ජාතික සමතා බලවේගය ආදී සංවිධාන රැසක ක්‍රියාකාරී භික්ෂුවක් ලෙසද කටයුතු කරයි.

මෙම හිමිනම ජනාධිපති අපේක්ෂකයන්ගේ විනය, යහ පැවැත්ම ආදිය පිළිබඳව රට පුරා දේශන පවත්වමින් දසපනත නමින් ප්‍රතිපත්තියක්ද සකස් කිරීමේ කටයුත්තේද පූර්ණ ක්‍රියාකාරී සමාජික භික්ෂුවකි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරු සමග සමීප ඇසුරක් ඇති මෙම භික්ෂුව මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් වැඩකටයුතු සිදු කරයි.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 25වනදා බී 28233/19 යටතේ යළි කැඳවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here