“වීරවංශගේ ගෝඨා ඝාතන කතාව” පට්ටපල් බොරුවක්

0
20

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ප්‍රකාශයක් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙතින් කළ විමසීමකදී සඳහන් කළේ එවැන්නක් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් ඔහුව ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ(22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතරමිනි. බුර්කා හෙල්මට් ඇතුළු මුහුණු ආවරණ තහනම ද ඉවත් කළේ ‍ගෝඨා ඝාතන කුමන්ත්‍රණයට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට බව එහිදී ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here