යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….

0
25

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි ලුතිනන් නිලයට පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බවයි. ඒ ජනාධිපතිවරයාගෙන් ලද අනුමතියකට අනුවයි.

යෝෂිත රාජපක්ෂ යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ, සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඒ අනුව 2016 පෙබරවාරි 28 වන දින සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබේ.

මිට පෙර සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කළ පරීක්ෂණවලට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබී ය. ඒ පිළිබදව රාපක්ෂ හිතවාදීන් ප්‍රකාශ කර සිටියේ එය රාජපක්ෂ පවුලෙන් පළිගැනීම සඳහා කළ ක්‍රියාවන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here