“නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම්, ගෝඨාභය මේ වනවිට සිරගතව සිටිය යුතුයි”

0
31

නීතිය හරිහැටි ක්‍රියාත්මක කෙරුණා නම් පොහොට්ටුව අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ පිරිසක් මේ වනවිට සිරගතව සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පසුගියදා(23) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියා සිටියේ ය.

2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ලද දින 100 පාලන සමයේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට දඬුවම් කිරීම ගැන එවකට අදහස් පළ කළද කිසිවකුටත් යුක්තිය ඉටු නොවූ බවත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ යන අය සිටිය යුත්තේ රක්ෂිත බන්ධනාගාරගතව බව ඔහු එහිදී සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිටත් රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ චූදිතයන්ට අදාළ විධිමත් නීති ක්‍රියාවලියකින් නඩු පැවරිම් සිදුකර නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here