“භික්ෂුව සහ පියතුමා කියා විශේෂයක් නෑ සියල්ලෝම නීතියට යටත්”

0
21

කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්‍ෂුවක් හෝ මවුලවි කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම නීතියට යටින් සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ අදහස් ප්‍රකාශ කෙළේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ හා දකුණේ දේශපාලකයන් උතුරේ ජන්ද ජයග්‍රහණය සඳහා ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමේ ක්‍රියාවලියක නිරතවී ඇති බවත්, උතුරේ ඡන්ද දායකයන් බිය ගන්වා ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංස්කෘතියකට විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවමින් එම දේශපාලන පිරිස් උතුරේ මේ වන විට නිවාස වෙන්කර ගෙන කඳවුරු බැඳ සිටින බවද ඔහු පවසනවා.

උතුරේ ජනතාවගේ ඡන්දයෙන් තොරව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, එය සෑම ජනාධිපතිවරණයකදීම තීරණාත්මක ජන්ද බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළා.

එම නිසා මෙවර මැතිවරණ ජයග්‍රහණය මුල් කර ගනිමින් උතුරේ සිද්ධීන් පදනම් කරගෙන විවිධ දේශපාලන පක්ෂ හා දේශපාලකයන් ඇතුළු කණ්ඩායම් විසින් කරනු ලබන බලපෑම් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එවැනි පිරිස් උතුරේ ගෙවල් මිලදී ගනිමින් මේ වන විට පුර්ණ කාලීනව විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි වී ඇති බවත් පවසන ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ උතුරට සම්බන්ධ නැති පුද්ගලයන් එසේ උතුරේ පදිංචිවීම සම්බන්ධයෙන් තමන්ට බරපතල සැකයක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here