තාවකාලික ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ

0
49

යළිත් නාවික හමුදා සේවයේ පිහිටවූ යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබෙනවා.

ස්ථිර ලුතිනන් කමාන්ඩර් නිලයේ අවශ්‍ය සුදුසුකම් සපුරන තෙක් ඔහු එම නිලයේ කටයුතු කරනු ඇත. යෝෂිත රාජපක්ෂගේ සමකාලීනයන් මෙම නිලයේ කටයුතු කරන නිසා ඔහු ලුතිනන් නිලයේ සිට මෙසේ උසස් කර ඇතැයි නාවික හමුදාව පවසයි.

2016 පෙබරවාරි 28 දින සිට යෝෂිත රාජපක්ෂගේ සේවය අත්හිටුවා තිබූ අතර, පසුගිය 23 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සේනාධිනායකයා ලෙස යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ නැවත සේවයේ පිහිටුවන ලදී. ඔහු මේ වන විට නාවික හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කිරීමට යොදවා ඇත.


දිමුතු හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here