තේ වතු කම්කරුවොත් විරෝධයක

0
7

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ස්ටොක්හෝම් තේ වතුයායේ, කර්මාන්ත ශාලා කොටසේ, වතු කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (02) දහවල් එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුනා.

නිවාස, සෞඛ්‍ය පහසුකම් ලබා දීම හා අනියම් කම්කරුවන් ස්ථීර කිරීම ඇතුලු පොදු පහසුකම් වතු පාලනාධිකාරීය මගින් සැපයීමේදී ඇතිවී තිබෙන ගැටළු හා අනෙකුත් වෘත්තීය ප්‍රශ්න සාකච්ඡාකිරීමට වතුයායේ පාලනාධිකාරියේ වගකිවයුතු නිලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදී මග හැරීම සම්බන්ධව විරෝධය ප්‍රකාශ කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව ඊට සහභාගි වූ කම්කරුවන් පැවසුවා.

මෙම අවස්ථාවට වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වුනා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here