ජනාධිපති තරගයට 41දෙනෙක්

0
39

ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙන්නේ මෙවරයි.

අද මධ්‍යහ්න 12.00න් අවසන් වු ඇප තැන්පත් කිරීමේ කාලසීමාව තුළ අපේක්‍ෂකයින් 41 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. ඒ අතර, භික්‍ෂුන් වහන්සේ නමක් හා කාන්තාවක් ද සිටියි. අද දවස තුළ පමණක් ඇප තැන්පත් කළ අපේක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 08ක්. මේ අනුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ 19ක්, වෙනත් දේශපාලන පක්‍ෂ 03ක්, ස්වාධීන 19ක් ලෙස ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් සමඟ අද සවස 2.00ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජාක් පැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

නාම යෝජනා බාරගැනීම හෙට උදේ 9.00ත්, 11.00ත් අතර සිදු කෙරෙනවා. ඒ, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී. දහවල් 11.00 සිට 12.00 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකියි. අපේක්‍ෂකයින් වැඩිවීමෙන් ජනාධිපතිවරණයට ඇස්තමේන්තුගත වියදමට අමතරව කෝටි සියයකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවිය හැකි බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා සිටියා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 400ක්. මැතිවරණයේ සෘජු සේවාවන් සඳහා පොලිස් නිලධාරීන් 1,600කට වැඩි පිරිසක් යොදවනු ඇති. නීති විරෝධි කටයුතුවල නොයෙදෙන්නැයි තමා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here