අයියව මැදමුලනේ ජනේලේ එල්ලපු අපිට මල්ලී ලොකු නෑ….

0
23

2015 වසරේදී මහින්ද රාජපක්ෂව පරාජය කළ බලවේගයට 2019 වසරේදී ඔහුගේ බාල සහෝදරයාව පරාජය කිරීම අපහසු කාර්යයක් නොවන බව දඹර අමිල හිමි පවසයි.

අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හමුදා සාමාජිකයින්ව නොවැම්බර් 17 වනදාම නිදොස්කොට නිදහස් කරන බවට ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහිමි සඳහන් කළේ නොවැම්බර් 16 වනදා සිදු කෙරෙන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමක් මිස අධිකරණයට විනිසුරුවරයකු පත් කරගැනීමක් නොවන බවයි.

එසේම “එදා තමුන්ගේ අයියාව මැදමුලනේ ඉස්සරහා ජනේලේ එල්ලපු අපිට අද මල්ලිව පිළිකන්නේ ජනේලේ එල්ලන්න අමාරු නෑ” යනුවෙන් ද එහිමි සඳහන් කළේය.

දඹර අමිල හිමි මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැළිය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here