චම්පිකගෙන් හමුදාවට අලුතින් ඉඩම්

0
24

මෙරට ආරක්ෂක ලේකම්ව සිටියදි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පුද්ගලික අවශ්‍යතා මත ශ‍්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය විකුණා දැමීමෙන් උන්හිටි තැන් අහිමි වු යුද හමුදා සාමාජිකයින්ට ස්ථිර නවාතැනක් සකසා ගැනීම සදහා මහනගර සහ බස්නාහිර සංවර්ධන, කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ලබා දී තිබේ.

බ්‍රිරතාන්‍ය යුගයේ සිට පවතින කොළඹ, ගාලු පාර, අංක 01 දරන ලිපිනය පිහිටි ශ‍්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය නොවටිනා මිලකට නියම වුයේ මීට වසර හත අටකට ඉහතදීය. ඒ රණවිරුවන් ගැන අභිමානයෙන් කථා කරන ගෝඨාභය රාජපක්ෂ විසින් පුද්ගලික සමාගමක් සදහා රුපියල් මිලියන 8250 ක් වැනි මුදලකට යුද හමුදා මුලස්ථානය තිබු අක්කර 10 අලෙවි කිරිම නිසාය. මෙම ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ ඔහුට යුද හමුදා මුලස්ථානයේ ඉදිරි කටයුතු පිලිබද සැලසුම් කර තිබුණේ නැත. නමුත් ඔහු ගණුදෙණුව සිදු කර යුද හමුදා මුලස්ථානය තිබු ඉඩම චීනයේ ෂැංග‍්‍රිලා සමාගමට ලබා දුන්නේ මෙහි හෝටලයක් ඉදි කිරිමටය.

යුද හමුදා මුලස්ථානය අහිමි විමෙන් එහි නවාතැන් ගෙන හමුදා සාමාජිකයින් රැසක් අපහසුතාවට පත් වු අතර උසස් නිලධාරින්ද සිටියේ දැඩි පීඩනයකට ලක්වය. යුද හමුදා මුලස්ථානයේ සිටි භට පිරිස් කණ්ඩායම් වලට බෙදා රාජගිරිය, බත්තරමුල්ල, කැලණිය, පනාගොඩ, කලූතර ආදි ප‍්‍රදේශ 17 ක ස්ථාන ගත කෙරුණි.

බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා මුලස්ථානය ඉදි කරන්නට සැලසුම් කළ අතර එහි ඇස්තමේන්තු ගත වියදම වුයේ රුපියල් කෝටි 18 කි. ඊට අමතරව යුද හමුදා සාමාජිකයින් පුද්ගලික නවාතැන් වල 2013 වසරේ සිට රදවා තැබීමට පියවර ගත්හ.

මේ වන විට යුද හමුදා මුලස්ථානය සැබවින්ම පැවතියේ සී සීකඩය. තවමත් පවතින්නේ එසේය. යුද හමුදාවේ ආරක්ෂක කුලී වියදම වසරකට රුපියල් කෝටි 500 කි. මෙම වියදම රජයට දරා ගත නොහැකි බරකි. මේ වන විට යුද හමුදා මුලස්ථානය ඉදි කිරිමට රුපියල් මිලියන 64000 ක් වියදම් වී ඇති අතර තවත් රුපියල් කෝටි 12 ක් ඇස්තමේන්තුගතව ඇත. එමෙන්ම මෙම යුද හමුදා මුලස්ථානය නඩත්තු කිරිමට වසරකට රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වේ.

මෙය සැබවින්ම ලංකාව වැනි කුඩා දුපතකට දරා ගත නොහැකි වියදමකි. සියලූම භට පිරිස් එකට සිටි යුද හමුදා මුලස්ථානය තවමත් සිටින්නේ තැන් තැන් වලය. මෙවන් පසුබිමක් තුල අන්තවාදීගේ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවක්ද එල්ල විය. එය එල්ල වුයේද ජාතික ආරක්ෂාව දෙවැනි තැනට දමා සලකා තිබිම හේතුවෙනි.

රජයට දැරිය නොහැකි ණය ගොහොරුවක ගෝඨාභය රාජපක්ෂ මේ ආණ්ඩුව ගිල්වා දැමුයේ එලෙසය. නමුත් රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ට ස්ථිර නවාතැනක් සපයා දීම පිණිස කොස්වත්ත ප‍්‍රදේශයෙන් අක්කර 1.1 ක භූමි ප‍්‍රමාණයක් ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණේ පාඨලී චම්පික අමාත්‍යවරයාගේ මැදිහත් වීම මතය. වසර 6 ක් පමණ කුලී නිවෙස් වල සිටි යුද හමුදා සාමාජිකයින්ට නුදුරේදීම ස්ථිර නව නවාතැනක් හිමි වනු ඇත.


මාධවී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here