පිටකොටුව පොදු වැසිකිලි වංචාවේ කතාව

0
18

මතක ඇති විදියට අවුරුදු දෙකක විතර ඉඳන් මෙතන සඳහන් කරල තියෙන්නෙ ගාස්තුව රුපියල් 10ක් විදියට.

ඒත් ගිහින් එනකොට “රුපියල් 20ක් දෙන්න” කියලම ඉල්ලනවා…. මීට මාස කිහිපයකට කලිනුත් දෙතුන් වතාවක්ම ඇහුවා එළියේ ගාස්තුව රුපියල් 10ක් කියල දාලා 20ක් එකතුකරන්නෙ ඇයි කියලා….

කලින් දෙවතාවක කිව්ව එහෙනම් 10ක් දීල යන්න කියලා….

එක්කො බිත්තියේ දාල තියෙන ගානත් වෙනස් කරන්න ඕනි. රුපියල් 10ට ටෙන්ඩර් අරගෙන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නව වගේ 20 ගානෙ එකතුකරනවා….

අපිටත් මොකෝ ඉතින් හැමදාම චූ දාන්න ඕකට යන එකක්යෑ කියල 20ක් දීල එන එකනේ…. රුපියල් 20කට හරියන්න පිරිසිදුව තියෙයිනම් ඒත් කමක් නෑ…. මුත්‍රා පෝච්චි හරියට ස්විමින් පූල් වගේ….

දවස ගානෙ පිටකොටුව බස්නැවතුම්පලට එන කී දාහක් මිනිස්සු රුපියල් 10 ගානෙ වැඩිපුර දෙනවද දන්නෙ නෑ….

ඇත්තටම මේක වංචාවක්. මේක පිටකොටුවේ විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ තැන්වල සිදුවෙන්නක්, එම නිසා මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු. නමුත් බලධාරීන්ද මෙම වංචාවට හවුල් නම් ඔවුන්ට් අප සුබ පතන්නෙමු….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here