සියලු වෛද්‍ය වර්ජන පොහොට්ටුවේ කුමන්ත්‍රණ

0
41

ආණ්ඩුකාරවරුන් හා වෛද්‍ය සංගම් ප්‍රධානීන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීම දැඩි ලෙස හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.

එම සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට පළාත් 4ක ආණ්ඩුකාරවරුන් සෘජුව මැතිවරණ ව්‍යාපාරයට දායක වෙමින් සිටින බවයි. ආණ්ඩුකාරවරුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් තම තනතුරු වලින් අස්වී එම දේශපාලන කටයුතු වල නිරත විය හැකි බව ද හෙතෙම සඳහන් කරයි.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමද කිසිසේත් අනුමත කළ නොහැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂගේ පොකැට්ටුවෙන් ගලා එන මුදල්වලට යට වී රටේ වෛද්‍ය වෘත්තියම පාවාදෙන, කිසිදු හේතුවක් නොමැතිව වැඩ වර්ජන කරමින් ආණ්ඩු පෙරලීමටත්, සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත්කිරීමටත්, රෝගීන් ගණනාවකගේ ජීවිත අහිමි කිරීමටත් ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් මෙහෙයවිමින් ඔවුන්ව වැඩ වර්ජන වලට පොළඹවමින් පවතින ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට අනුරුද්ධ පාදෙණිය ක්‍රියා කොට ඇත්තේ පොහොට්ටුවේ වුවමනාවන්ට අනුව බව මේ වනවිට පැහැදිලිව පෙනී යයි.

රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here