දූෂිත දේශපාලකයන් සියලු දෙනාගේම කණට ගැසූ පාසල් සිසුවිය

0
32

ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ නාඩිය දේශපාලන වැඩසටහනේදී පාසල් සිසුවියක් සියලුම දූෂිත දේශපාලකයන්ට ඇඟිල්ල දිගු කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඒ ඔවුන් ලබාගන්නා විශ්‍රාම වැටුප, සුඛෝපභෝගී වාහන සහ වෙනත් විශේෂ පහසුකම් ගැන ඇය ප්‍රශ්න කළා මෙන්ම, මෙතරම් දුගී මිනිසුන් සිටිනා රටක, මේ මිනිසුන්ගේම මුදලින් ඔවුන් ලබාගන්නා එම වරප්‍රසාද ගැන ඔවුන්ට ලැජ්ජාවක්, හිරිකිතක් නැද්දැයි ඇය මුහුණටම ප්‍රශ්න කළා.

නමුත් ජඩ දේශපාලක කුලකයට අයත් වන කෙහෙළිය රඹුක්වැල්ල, එවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන හිරිකිත විය යුතු බව ඔහු පෙරලා එම දැරියට කියනවා. ඔවුන් ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම සාධාරනී කරණය කරගන්නේ අන්න ඒ ලෙසටයි. ඒ ජඩ දේශපාලන සංස්කෘතියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here