මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරන්න කරපු ඉල්ලීම ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා

0
25

දේශපාලන වශයෙන් තමන්ව මර්දනය කිරීමට උත්සාහ ගැනීම තුළින් තමන් වත්මන් රජයට අභියෝගයක්ව ඇති බව පෙන්නුම් කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අද (25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

පසුගිය රජය සමයේ ස්ථාපිත කෙරුණු පොලිස් කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතිය ඉදිරියටත් එලෙසම ස්වාධීනව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික අවධාරණය කර සිටියේ සිය දේශපාලන දිවියේ සිදුකළ වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අයැද සිටින බවයි.

2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් අවස්ථාවේ, ලක්ෂ්මන් කදිරගාමර්ව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට එම සන්ධානයේ පාර්ශ්වකරුවන් තීරණය කර තිබූ බවත්, ඔහු වෙනුවට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරන්නැයි එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටි බවත්, එදා කළ එම වරද සම්බන්ධයෙන් තමන් ජාතියෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here