ඉහළම පරිසර දූෂක සමාගමක් වන කොකා කෝලා, ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය දෙගුණ කරයි

0
47

පරිසරයට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් මුදාහරින සමගම වන කොකා කෝලා සමාගම සිය ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය මෙම වසරේදී දෙගුණයක් ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර පරිසර සංවිධානයක් වන ග්‍රීන්පීස් පවසයි. එසේම එම සංවිධානය පවසන්නේ කොකා කෝලා සමාගම සිය කූට ප්‍රචාරන ක්‍රම යොදා ගනිමින් තම ප්ලාස්ටික් බෝතල් මගින් පරිසර දූෂණය වීම අවම කරගෙන ඇති බවට මහජනයා නොමග යැවීමටද උත්සාහ කරමින් සිටින බවයි.

එහි එක් පියවරක් ලෙස ඔවුන් මේ වන විට ලොව පුරා ව්‍යාජ ප්‍රචාරන වැඩ සටහනක් දියත කර ඇති බව පැවසේ. මෙහිදී කොකා කෝලා සමාගම ප්‍රකාශ කරන්නේ ප්ලාස්ටික් බෝතල් මුහුද යාමට පෙර ප්‍රතිචක්‍රිකරණය කිරීමට තමන් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව එම සමාගම ලොව වටා දුෂණයට ලක්ව ඇති ගංගා පිරිසිඳු කිරීමේ වැඩටහනක් සඳහා ඩොලර් මිලියන 11ක් ලබාදී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වාදෙන්නේ කොකා කෝලා සමාගම ඉතා සුළු මුදල් ප්‍රමාණයක් මෙවැනි ව්‍යාපෘති සඳහා වෙන් කොට පල්ස්ටික් ඇසුරුම් තම නිෂ්පාදන සඳහා යොදාගැනීම වැඩි කර අධික ලාභයක් උපයමින් සිටින බවයි.

මීට පෙර මුහුදට වැඩිම ප්‍රමාණයක් ප්ලාස්ටික් ඇතුළු කසළ බැහැර කරන රටවල් අතර ලංකාව පස්වන ස්ථානයට පත්ව තිබුණි. මේ වනවිට ලංකා මුහුදේ සිට අල්ලන ලද මාළු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවද අනාවරණය වී තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ලාංකික පර්යේෂණ විද්‍යාඥවරියක වන වෙනුරි සිල්වා විසින් සිදු කළ විශේෂ පරීක්ෂණයකට අනුව ඒ බව අනාවරණය වී ඇත. වසරක් පුරා රට වටා පිහිටි මුහුදෙන් ලබාගත් මත්ස්‍යයන් පරික්ෂා කරමින් ඇය මෙම පරීක්ෂණ සිදුකර තිබුණි. ඒ අනුව මත්ස්‍යයන් සියයට 90 ක පමණ මයික්‍රෝ ප්ලාස්ටික් හානිකර ප්‍රමාණයකින් අනතර්ගත බව හෙළිව තිබේ. මෙහිදී මුහුදට කසළ බැහැර කිරීම ගැන චෝදනා එල්ල වෙන්නේ ධිවර ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවටයි. නමුත් කසළ නිෂ්පාදනය වන්නේ කෙසේද යන්න ගැන කොකා කෝලා සමාගමේ උදාහරණයෙන් හොඳින් පැහැදිලි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here