මහනුවර ඇහැලේපොළ වලව්ව – මුස්ලිම් විද්‍යාලයකට

0
43

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය විසින් පවසා සිටියේ “ඇහැලේපොළ වලව්ව මුස්ලිම් විද්‍යාලයක් ඉදිකිරීම සඳහා ඉල්ලා සිටින බව සඳහන් පහත දැක්වෙන පුවත ව්‍යාජ පුවතක් බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්දානන්ද අමාත්‍යවරයා මහනුවර නගරයේ කුඩා රැස්වීමකට සහභාගී වෙමින් තම අපේක්ෂකයා දිනවුවහොත් මුස්ලිම් ජනතාවට මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් ලබා දෙන බවට පැවසූ වීඩියෝවත් ව්‍යාජව සකස් කරන ලද්දක් බවත්, එය Bro – බ්‍රෝ facebook පිටුව මඟින් පළ කරන ලද්දක් බවත්, එම facebook පිටුවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ය.

නමුත් අප කළ තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ Bro – බ්‍රෝ facebook පිටුවට එරෙහිව එවැනි කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. තවද එම video clip එක සංස්කරණය නොකළ එකක් බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත. එම video clip එක සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමෙන් පසුව මහින්දානන්ද අමාත්‍යවරයා සමාජ මාධ්‍යවලට නිකුත් කළ ප්‍රකාශයේද එම video clip එක සංස්කරණය කරන ලද්දක් බවට පවසා තිබුනත් එම video clip එක සංස්කරණය කළ එකක් බවට කිසිඳු තාක්ෂණික සාධකයක් පෙනෙන්නට නැත.

එම video clip එක පහතින්

“මහනුවර ඇහැලේපොළ වලව්ව – මුස්ලිම් විද්‍යාලයකට” ලෙස පළ වුනු, මහින්දානන්ද අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් ව්‍යාජ යයි පැවසූ පුවත් පහතින්

[box type=”warning” align=”alignright” class=”” width=””]මහනුවර ඇහැලේපොළ වලව්ව මුස්ලිම් විද්‍යාලයක් ඉදිකිරීම සදහා මුස්ලිම් ප්‍රජාව විසින් ඉල්ලා තිබේ. දැනට මුස්ලිම් දරුවන් සඳහා වෙන් වූ එකම පාසල දුර්දීන් විද්‍යාලය යි. පුද්ගලිකව මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයක් අනුව මුස්ලිම් ප්‍රජාව රජය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. අතීතයේ ඇහැලේපොළ මහා අධිකාරම් තුමා වාසය කළ වලව්ව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ බන්ධනාගාරයක් බවට පත් කරන ලදී. කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරය මෙම වලව්වට හිමි ඉඩමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මහනුවර නගරයේ දැනට යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ඉතුරුව තිබෙන විශාලතම භූමි භාගය මෙයයි. මද්දුම බණ්ඩාර නම් ජාතික වීරයා හැදුණු වැඩුණු නිවස මෙම ඇහැලේපොළ වලව්වයි. ඇහැලේපොළ වලව්වේ රිමාන්ඩ් බන්ධනාගාරය ඉවත් කිරීමෙන් අනතුරුව හිර ගෙදරක් වසා පාසලක් විවෘත කිරිම යන සංකල්පය යටතේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් රජයට සහ දේශපාලනඥයන්ට මෙම ඉඩමේ මුස්ලිම් පාසලක් ඉදිකර දෙන ලෙස ඉල්ලා ඇත. මහනුවර නගරයේ මුස්ලිම් ජනතාවට තම ආගම සහ ජාතියට අනුව අධ්‍යාපනය හැදෑරීමට ඉතිරිව තිබෙන්නේ එකම පාසලකි. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අදාල පාසල මහ නුවර නගරයේ ඉදි කිරීමට ස්ථිර පොරොන්දුවක් ලබාදුන් බව මුස්ලිම් ප්‍රජාව ප්‍රකාශ කරයි.

ගිහාන් ලක්ෂිත – මහනුවර[/box]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here