අනාගතය රැඳෙන්නෙ එකමුතුකම මතයි! – අගමැති

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි. ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ සැප්තැම්බර් 12 වැනි දා පළමු සැසිවාරය අමතමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිහින්තලාසෑයට නව පෙනුමක්..

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර, මිහින්තලා මහා සෑ රදුන් වර්ණවත් කරයි. වර්ණවත් කිරීමෙන් අනතුරුව, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මිහින්තලේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහේන්ගමුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ හට චාරිත්‍රානුකූල ව එය භාර කළේ ය. ඒ පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ජුනි 24 වැනි දායි. කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සංවිධාන කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් රාජ්‍ය මහෝත්සවය

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ‍පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ජුනි 24 වැනි දා ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්විණ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව වූයේ “ලොව සෑම දෙනා  සුවපත් වේවා!” යන්නයි.   මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් ජුනි 21 සිට 27 දක්වා ප්‍රකාශයට පත් කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනපති රාමඤ්ඤ මහා නිකය අභිනව මහා නාහිමියන් බැහැ දකී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාමඤ්ඤ මහානාහිමි ගුණ

නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් ශාසනාම්බරය අඳුරු විය. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහානායක ධුරය දැරූ අග්ගමහා පණ්ඩිත නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ශාසනාම්බරය අඳුරු වීමක් සේ සලකමින් ජාතික භික්‍ෂු පෙරමුණේ සාතිශය සංවේගය පළකර සිටින්නෙමු. උන්වහන්සේ බඳු ඥාන වෘද්ධ මහ තෙරපාණන් වහන්සේලා දුලබ වූ මෙකල නාපාන ශී‍්‍ර පේමසිරි මහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනපතිගේ පැතුම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍නොවැම්බර් 15 වැනි දා අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත් හි නිරත වෙයි. පුදබිමට පැමිණි ඔහු ප්‍රථමයෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැක උන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගන්නා ලදී. එදින ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. රටවැසි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දහම් ගුරු විභාගය පසුවට

දහම් ගුරු සහතිකපත්‍ර විභාගය 2020 කල් යයි. දෙසැම්බර් 06 වැනි දාට විභාගය යෙදී තිබිණ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනත් සුදුසු දිනකට කල් දමන බවයි. දහම් ගුරුවරුන් 15,000 ක් පමණ මෙවර විභාගයට සුදුසුකම් ලබා තිබූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පෙන්වා දේ. දිස්ත්‍රික් 22 ක අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක ධජයන්ට සෙත් පතමින්..

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 70 වැනි සංවත්සරය උදෙසා කංචුක පූජාවක් සහ ධජ ආශිර්වාද පූජාවක් පැවැත් වේ. සංවත්සරය 2020 දෙසැම්බර් මස 09 වැනි දාට යෙදී තිබේ. නොවැම්බර් 12 සහ 13 දෙදින රුවන්වැලි මහ සෑය සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පින්කම් පැවැත්විණ. නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවුක හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනාවෙන් තොර දීපවාලි උළෙලක්

දීපවාලී උත්සව දිනය සැමරිය යුතු ආකාරය පිළිබඳ හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී. ඒ අනුව මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ හින්දු නායකයින්, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කඨිණ පිංකම් පිළිබඳ දැඩි අවධානය

කඨිණ පිංකම් පැවැත්වීමේ දී කොවිඩ් 19 පැතිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා භික්ෂූන් වහන්සේ ඇතුළු දායක සැමගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශය පෙන්වා දේ. වැඩිහිටියන් හට වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් පැවතීමත්, පොදුවේ සියලු දෙනාට අදාල අවදානම පැවතීමත් මත සලකා අදාල දැනුවත් කිරීම සිදු කර ඇත. එබැවින් පෙරහර වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න