දිස්ත්‍රික් රැසකට තවදුරටත් වැසි

ඉදිරි පැය 36 පුරා දිස්ත්‍රික් රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලටත් වරින් වර වැසි ඇති වේ. සබරගමුව පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා ඌව පළාතේ ස්ථාන කිහිපයක ද මිලිමීටර 50 ට අධික වැසි ඇතිවීමට ඉඩ ඇත. මධ්‍යම කඳුකරයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේපල ආරක්ෂාවට නාවුක හමුදාව

කොළඹ දිස්ත්‍රික්කයේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස හා දේපල ආරක්‍ෂාව සඳහා නාවුක හමුදා ජංගම බෝට්ටු මුර සංචාරයක් ක්‍රියාත්මක කෙරේ. එම මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ‍ 2021 ජුනි 06 වැනි දා රාත්‍රියේ සිට අදාල මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.  පැවති අධික වර්ෂාවත් සමග මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයට බල පා ඇති ගං වතුර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිස්ත්‍රික් 02 ක නායයාමේ අවදානම

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් හි නායයාමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. ඉකුත් පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් පහත ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව එමගින් නිවේදනය කර තිබේ. කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අවට ප්‍රදේශත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශී්‍ය ලේකම් කොට්ඨාසත් අවදානමට ලක් විය හැකි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අයහපත් කාලගුණයෙන් බේරීමට..

එළඹෙන දින කිහිපයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙවැනි අන්තර්මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමයනේ දිවයින පුරා ව්‍යප්ත වෙමින් පැවතීම ඊට හේතුව වේ. ඒ අනුව සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි, ගිගිරුම් සහිත වැසි හෝ අකුණු ඇතිවීමේ අවදානම් වෙතැයි දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එවැනි අවස්ථාවල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාර්ථක පෙරහුරුවක්

ආපදා අවම කිරීමේ දිනයට සමගාමී ව ඉන්දියානු සාගර කලාපීය සුනමි අවදානම පවතින රටවල සාර්ථක සිතියම්ගත පෙරහුරුවක් පැවැත් වේ. එය ( Table top Exercise ) ජාත්‍යන්තර සුනමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සමග අදාල රටවල් 28 ක් තාක්ෂණික ව එක් ව ආයතන පරිශ්‍ර තුළ පැවැත්විණ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම මධ්‍යස්ථානය, කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කළුතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන්තොටුපොලට විශේෂ පරීක්ෂණාගාරයක්

විදේශ රටවල සිට පැමිණෙන ලාංකිකයන් PCR පරීක්ෂණයට භාජනය කර, එහි ප්‍රතිඵල ගුවන්තොටුපොල පරිශ්‍රයේ දීම ලබාගෙන ඔවුන් නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙන ම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ඔහු පැවසී ය. කොවිඩ් – 19 මර්දන කාර්යය සාධක බලකාය සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් පරිත්‍යාගයක්

මෙරට ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකා නාවුක හමුදාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කපිතාන් අශෝක් රාඕ, එසේ නාවුක හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කර තිබේ. නාවුක හමුදා මූලස්ථානය වෙත ජුනි 03 වැනි දා පැමිණි හෙතෙම මෙම වෛද්‍ය උපකරණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තෙල්දෙනිය රෝහලට මෙඩිමේට් යන්ත්‍රයක්

නාවුක හමුදාව නිෂ්පාදනය කළ තවත් මෙඩිමේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත පිරිනැමේ.. ශ්‍රී ලංකා නාවුක හමුදා වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද එම මෙඩිමේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණය මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත 2020 මැයි 29 වැනි දා ලබා දුන් බව නාවුක හමුදාව කියයි. නව නිපැයුම්කරුවෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගංවතුර අවදානම ඉවතට..

කළු, ගිං හා නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම සමනය වී ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි. එහෙත් ඇතැම් ජල මිනුම් ස්ථානවල සැලකිය යුතු ජල මට්ටමක් පවතින බව එමගින් පෙන්වා දේ. ඒ කළු ගඟේ රත්නපුර සහ මිල්ලකන්ද, ගිං ගඟේ තවලම සහ බද්දේගම මෙන් ම නිල්වලා ගඟේ පානදුගමයි. එසේ වුවත් එම ස්ථානවල ද ගංවතුර මට්ටමට වඩා පහත් මට්ටමක් ජලය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ධීවර යාත්‍රා ආරක්ෂිතයි.

ඉකුත් දිනවල ගැඹුරු මුහුදේ ඇති වූ කුණාටු තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියානු වෙරළ දෙසට යාත්‍රා කළ ධීවර යාත්‍රා මව්බිමට ළඟා වීම අරඹා ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි. රේඩියෝ තරංග මගින් ලබාදුන් උපදෙස් මත එසේ ගමන්කිරීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ මහා ව්‍යසනයක් වැළැක්වුණු බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ. හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්වලින් ධීවර කටයුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න