එන්නත්කරණය පිළිබඳ මෘදුකාංගයක්

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තෙවැනි මාත්‍රාවක් අවශ්‍යනම් වහා ඇණවුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් දැනටමත් 03 වැනි මාත්‍රාව සඳහා එන්නත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඊට සූදානම් වීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දුන්නේ ය. ලොව පුරා සියලු රටවලින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන්

ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 06 ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි ව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා අතර 09 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද  ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන්  ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා ජපාන තානාපතිවරයාගේ අවධානය යොමු කරන ලදී. ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො, පළමු ලේකම් ඉමමුරා කායෝ, ජනාධිපති ලේකම්පී .බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අමෙරිකානු ප්‍රදානවල ප්‍රගතිය විමසුමට

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ රීඩ් ජේ. ඇෂ්ලිමන් සමග 07 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය, ජනපති හමුවක්

     ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ජුනි 04 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙල කෙරෙහි ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබා දිය හැකි සහාය පිළිබඳ සිය අදහස් පළ කළා ය. වෙළෙඳ ආර්ථිකයක් ගොඩ නැගීම පිණිස ජනාධිපතිවරයාගේ උත්සාහයට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක

දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක නරත විය. “හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ව්‍යවසායකයන් සමග දෙසැම්බර් 10 සවස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න.

සිරකරුවන් දෙස මානුෂීයව බලන්න. අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන්න.ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් … Ø මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට. Ø බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙසැම්බර් 08 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත. රත්වත්තේ මහතා දෙසැම්බර් 02 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි. ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනපති රාමඤ්ඤ මහා නිකය අභිනව මහා නාහිමියන් බැහැ දකී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව පොලිස්පති ජනපති හමුවෙයි.

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් 27 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයායි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි. මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න