නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.

නව රජයේ අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අ‍ගෝස්තු 12 වැනි දා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු විය. අනාගතයේ අපේක්ෂා කෙරෙන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැප වන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබිණ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අමාත්‍යාංශ ව්‍යුහය පිළිබඳ අතිවිශේෂ ගැසට්පත්‍රයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශ ද ඊට අයත් වේ. අමාත්‍යාංශ සංයුතිය, විෂයය පථය, අදාල ආයතන සහ බල පවත්නා නීති හා අණපනත් සඳහන් ගැසට් නිවේදනය අ‍ගෝස්තු 10 වැනි දා පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබී ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපතිවරයා දිවුරුම් දෙයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ 03 වැනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේ ය. මේ අතර,අභියානාධිකරණ විනිසුරු එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස එදින ම දිවුරුම් දෙන ලදී.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් දේ. ඔහු 26 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න