සීඅයිඩී මුල් පුටුවකට කාන්තාවක්

ප්‍රථම වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් පත් කෙරේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් එසේ පත් කර ඇත්තේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලයි. වසර 2007 නොවැම්බර් 03 වැනි දා ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් සේවයට එක් වූ ඇය, රුහුණු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත් හිමි කරගෙන ඇත්තී ය.  […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හුදකලා කිරීම් යාවත්කාලීන වේ.

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම , ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොමිස 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ. *කොළඹ දිස්ත්‍රික්කය 01. දෙසැම්බර් 07 දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ •බලුමැන්ඩල් පොලිස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව පොලිස්පති ජනපති හමුවෙයි.

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් 27 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයායි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි. මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාවන්ට සහයෝගය ලබා දෙන්න

මේ වන විට පොලිස් වසම් 27 ක් හා ග්‍රාම සේවක වසම් 5 ක් හුදකලා කර ඇත. සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය සියලු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට හා අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල වලට තම රාජකාරියන්ට යාමට හා එම ප්‍රදේශ වලට ඇතුළු වීමට පහසුකම් සපයා ඇත. වෙනත් කාර්යයක් සදහා යමෙකුට එම ප්‍රදේශයන්ගෙන් බැහැරවී යාමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ යන පොලිස් වසම් වලට ඔක්තෝබර් 25 දින සවස 6 සිට යලි දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවේ. ඒ අනුව පොලිස් බල ප්‍රදේශ 60 ක මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. සංචරණය සීමා කරමින් නිරෝධායන ඇදිරි නීතියට අනුගතව කටයුතු කරන්නැයි පොලිස්පති වැඩි දුරටත් පවසයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් බලප්‍රදේශය කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

මාලිගාවත්ත, වේල්ලවිදීය, ආදුරුප්පු විදීය, කෙසෙල්වත්ත හා වෙරළබඩ පොලිස් වසම් වලට යලි දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය පනවයි. පොලිස් බල ප්‍රදේශ 56 ක මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. සෑම අවස්ථාවකම නිරෝධායන ඇදිරි නීතියට අවනතව කටයුතු කරන්නැයි පොලිස්පති අජිත් රෝහන වැඩි දුරටත් පවසයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගිනිඅවි හා අත්බෝම්බ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වලට ලද තොරතුරැ මත අත් බොම්බ හා ගිනි අවි සමග සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මෙරට නිශ්පාදිත ගිනිඅවියක් සමග හකුරැවෙල ප්‍රදේශයේ පදිංචි කරැවෙක්, විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩුවක් සමග කොඩිකාමම් ප්‍රදේශයේ සැකකරැවෙක්, ඔවුන්ව එම ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩිදුර පරීක්ෂණ අදාළ පොලිස් ස්ථානය සිදු කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෝපානයක් කඩා වැටී 02 දෙනෙකු මරැට

විදුලි සෝපානයක් කඩා වැටී 02 දෙනෙකු මිය යති. පොලිස් මුලස්ථානය පවසන්නේ මහනුවර ධර්මාශෝක මාවතේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක අනතුර සිදුව ඇති බවයි. ඔක්තෝබර් 16 වැනි දා පෙරවරැවේ සිදු වූ අනතුරෙන් කටුගස්තොට හා මහනුවර පදිංචි 54 හා 57 හැවිරිදි 02 දෙනෙකු මිය ගොස් තිබේ. මළ සිරැරැ මහනුවර මහා රෝහලේ තැන්පත් කර ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හුදෙකලාව ඉවතට.. ගම්පහ කඩ සාප්පු වැසේ.

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ග්‍රාමසේවක වසම් යළි විවෘත කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඔක්තෝබර් 12 වැනි දා පස්වරු 06.00 සිට අදාල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවයි. ඔක්තෝබර් 11 වැනි දා පස්වරුවේ කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මියගිය කොස්තාපල්ට උසස්වීමක්

කෝන්ගල මාර්ග බාධකයේ දී රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් තනතුරට උසස් කෙරේ. ජූලි 13 වැනි දා හක්මන, කෝංගල මාර්ග බාධකයේ රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් 03 දෙනෙකු ටිපර් රථ රියැදුරෙකු විසින් හප්පා පලා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ඉන් එක් අයෙකු මියගිය අතර දෙදෙනෙකු තුවාල ලබා ඇත. මරණයට පත් පොලිස් කොස්තාපල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න