online මත්පැන් විකුණන්න බෑ!

මාර්ගගත ක්‍රමයට (online) මත්පැන් විකිණීම සඳහා අවසර නොදෙන බව අවධාරණය කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජුනි 17 වැනි දා පස්වරුවේ ඒ බව නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සංචරණ සීමා දීර්ඝ කෙරේ.

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය පාලනය පිණිස දැනටමත් ක්‍රියාත්මක සංචරණ සීමා කාලය දීර්ඝ කෙරේ. එය වසර 2021 ජුනි මස 14 වැනි දා අළුයම 04.00 දක්වා ක්‍රියාත්මකයි. ජුනි 02 වැනි දා පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව ප්‍රකාශ කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇමෙන්ඩා, ගුවන් හමුදා මූලස්ථානයට

වැඩ බලන ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය ගුවන් හමුදාධිපතිවරයා හමු වේ. ඇමෙන්ඩා ජුවෙල් වැඩ බලන මහ කොමසාරිස්වරිය 19 වැනි දා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට පැමිණියා ය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සමග ඇය සුහද සාකච්ඡාවක නිරත වූ බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් සේවා වනිතා නායිකාව

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස චාමිනී පතිරණ පත් වේ. ඇය නොවැම්බර් 12 වැනි දා පෙරවරුවේ අදාල ධුරයේ රාජකාරි ඇරඹුවා ය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇයට සුබපැතීමට එහි පැමිණියේ ය. සේවා වනිතා ඒකකයේ නව ලේකම්වරිය වන වින්ග් කමාන්ඩර් ගයත්‍රි වඩුගේ සහ ගුවන් ලේකම් ගුවන් කොමදෝර් වී. පී. බාලසූරිය ඇතුළු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක ධජයන්ට සෙත් පතමින්..

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 70 වැනි සංවත්සරය උදෙසා කංචුක පූජාවක් සහ ධජ ආශිර්වාද පූජාවක් පැවැත් වේ. සංවත්සරය 2020 දෙසැම්බර් මස 09 වැනි දාට යෙදී තිබේ. නොවැම්බර් 12 සහ 13 දෙදින රුවන්වැලි මහ සෑය සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පින්කම් පැවැත්විණ. නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවුක හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදාධිපති, ජනපති හමුවක්

නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ‍නොවැම්බර් 04 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා වේ. හෙතෙම ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි. 1990 වසරේ දී සුපර්සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ගුවන්පති වැඩ අරඹයි.

මෙරට 18 වැනි ගුවන් හමුදාධිපතිවරයා වැඩ භාර ගනී. එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ 2020 නොවැම්බර් 03 වැනි දා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී සිය රාජකාරි ඇරඹී ය. ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය ඒ වෙනුවෙන් සම්මාන පෙළපාලියක් පවත්වන ලදී. අනතුරුව හෙතෙම සමස්ත ගුවන් හමුදාව ඇමතී ය. එම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ කඳවුරේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදාධිපති විශ්‍රාම යයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් නිල වශයෙන් විශ්‍රාම යයි. කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ නොවැම්බර් 02 වැනි දා පැවති ගුවන් හමුදා වර්ණ පක්ෂාංගයක් හා සම්මාන මුර පෙලපාලියක් ඔහු වෙනුවෙන් සංවිධාන කර තිබිණ. අනතුරුව ඔහු විසින් ගුවන් හමුදාවේ 18 වැනි ප්‍රධානියා ලෙස පත් ව සිටින එයාර් මාර්ෂල් සුදර්ශන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බස්නාහිර ඇඳිරිනීතිය තවදුරටත්

බස්නාහිර පළාතට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩ ව ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය පාලනය පිණිස වන ජාතික ක්‍රියාන්විතයේ සභාපති, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි. නොවැම්බර් 02 වැනි දා අළුයම 05.00 ට අවසන්වීමට නියමිත ඇඳිරිනීතිය 09 වැනි දා අළුයම 05.00 දක්වා දීර්ඝ කර ඇත. බස්නාහිර පළාතට අමතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුලියාපිටිය සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදා මූලස්ථානයට නවාංගයක්

යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ම වූ නවීන මාදිලියේ විලාසිතා සහ නිර්මාණ එකතුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුද හමුදා මූලස්ථානයේ විවෘත කෙරේ. හමුදාවේ සියලු නිල සඳහා විශේෂයෙන් තෝරා ඇති නිල ඇඳුම්, පදක්කම්, සපත්තු, සිවිල් ඇඳුම්,සුවඳ විලවුන්, ලාංඡන, රිබන්, වෙනත් උපකරණ මෙන් ම රණවිරුවන්ගේ ද එහි අලෙවියට තබා ඇත. ඔක්තෝබර් 29 වැනි දා පෙරවරුවේ ‘KIOSK’ නමැති නව අත්දැකීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න