පොලිස් පාපැදිකරුවන්ට ජයග්‍රහණ රැසක්

0
541

ගුවන් හමුදා පා පැදි සවාරිය – 2024 තරගාවලියෙන් ශ්‍රී ලංකා පොලීසිය⁣ට ජයග්‍රහණ රැසක් හිමි වෙයි.

සවාරිය මාර්තු 03 වැනි දා සිට 10 වැනි දා තෙක් කොළඹ සිට යාපනය දක්වා අදියර 05 ක් යටතේ පැවැත්වින.

එහි දී සමස්ත පාපැදි තරගාවලියේ 03 වැනිි ස්ථානය සහ අවුරුදු 23 න් පහළ යොවුන් පාපැදි සූරයා ලෙස මනුෂ් නිහාර ද, තරගාවලියේ 03 වැනි අදියරේ 03 වැනි ස්ථානය, අවසන් අදියරේ ප්‍රථම ස්ථානය සහ අවසන් අදියරේ වේගවත් ම පාපැදිකරු ලෙස චමෝද් සිල්වා ජය වාර්තා කළ හ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් තරගාවලිය සංවිධාන කළ අතර, තරගකරුවන් 200 දෙනෙකු ඊට සහභාගි වූ හ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here