ළමා හිංසනය නතර කරන ලෙසට බල කරමින් සහ ළමුන් මෙහෙකාර සේවයට යෙදවිමට එරෙහිව වතු ආශ්‍රිත ප්‍රදේශවල ජිවත් වන ළමුන් පිරිසක් පාගමනක නිරත විය.
ලෝව පුරා ක්‍රියාකාරි ලෙස කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම පාගමන සංවිධානය කර ඇත.
හැටන් කොටගල නගරයෙන් ආරම්භ කල පාගමන හැටන් කොමර්ෂල් ප්‍රදේශය වෙත ගමන් කර කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ඇවිදින මංතිරුව අසලදි ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම , ළමා හිංසනය පිලිබදව විදි නාට්‍ය අනුසාරයෙන් එම ළමුන් විසින් විදහා දක්වනු ලැබු අතර, එම ළමුන් විසින් හින්දු සංස්කෘතියට අනුව සංස්කෘතික සංදර්ශනයක් සහ කරාතේ සංදර්ශනයක්ද පවත්වනු ලැබුහ.
ළමා හිංසනය සහ ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම සම්බන්ධයෙන් ළමුන් විසින් පෙත්සමකට අත්සන් කරනු ලැබුහ.