දෙමාපිය ආරවුලින් ජීවිත 02 ක් මරුට

0
884

සිය සිඟිති පුතු සමඟ එම මව නිවසේ බාල්කයේ එල්ලී දිවි නසා ගනී.

සීදූව රාපක්ෂපුරයේ ඥාති නිවසක කුලී පදනමින් පදිංචි ව සිටි දරුවන් දෙදෙනකුගෙන් සමන්විත පවුලක සැමියා සහ බිරිඳ අතර දුරකතනයකින් ඇති වූ ආරවුලක් හේතුවෙන් බියට පත් බිරිඳ තම සිඟිති පුතු නිවසේ බාල්කයක කඹයකින් එල්ලා තමා ද එම බාල්කයේ ම එල්ලී මිය යයි.

ඉකුත් 10 වැනි දා රාත්‍රියේ එලෙස මිය ගොස් ඇත්තේ මල්වඩම් ගෙදර සුරේකා දුෂ්මන්ති නමැති 38 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය සමග මිය ගොස් ඇත්තේ වර්ණකුල ආදිත්ත හර්ෂකූල වික්ටර් මෙසිදු නමැති වයස අවුරුදු
එකහමාරක පිරිමි දරුවෙකි.

මියගිය කාන්තාවගේ සැමියා ස්ථිර
රැකියාවක් නොකරන, අධික ලෙස මත්පැන් පානයට අබ්බැහිවූවෙකි. ඔවුන් අතර නිතර  අඬදබර පැවති බව ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය වූ දිනයේ අදාල පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ නිවාස පින්තාරු වැඩක් කිරීමට පිටත් ව ගොස් ඇති අතර, එදින සුපුරුදු ලෙස දුරකතනය ඔස්සේ දෙමහල්ලන් දැඩි ව දබර වී තිබේ.

එයට සවන් දුන් 09 හැවිරිදි වැඩිමහල් දියණිය වන වර්ණකුල ආදිත්ත හකුලවික්ටර්
නෙවිල් මෙත්සලා, “අම්මේ, අද හවසට
තාත්තා එනවිට ගෙදර නොසිට අපි
කොහේ හරි යමු!” යැයි යෝජනා කර ඇත.
එයට මවගේ ප්‍රතිචාරය වී ඇත්තේ අපි
සදහට ම තාත්තා අත්හැර යමු දුවේ කියා ය.
එයට බියවී අම්බලම්මුල්ල විදුහලේ ප්‍රාථමික
අංශයේ ඉගෙනුම ලබන එම දියණිය “..අම්මේ,
එතකොට අපි ආයේ එන්නේ නැද්ද කියාද
අසා ඇති අතර, මව සිය තීරණය පවසා ඇත. දියණිය මිය යාමට බය යැයි පැවසූ හෙයින් ඇය අසල්වැසි ඥාති නිවසකට පිටත් කර, “..මල්ලිටයි මටයි. සමාවෙන්න!” යැයි පැවසූ මව සිය එක ම සිඟිති පුතු බාල්කයේ ලණුවකින් එල්ලා ඇය ද එම බාල්කයේම එල්ලී මිය ගොස් ඇති බව සීදුව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here